බස් රථයක් හා මෝටර් රථයක් ගැටී දෙදෙනෙකු මරුට - පහකට තුවාල (ඡායාරූප)

Thursday, 30 November 2017 - 12:33

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ මීගස්වැවදී මෝටර් රථයක් බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාර් රථයේ රියදුරු සහ එහි අනෙක් ඉදිරිපස ආසනයේ සිටි තවත් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයේ පිටුපස ආසනයේ ගමන් ගත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, බස් රථයේ රියදුරු සහ එහි ගමන් කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙක් මෙලෙස තුවාල ලැබුවා.  

ඔවුන් මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් ත්‍රිකුණාමලේ විනෝද චාරිකාවක් යාම සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර ඇසින් දුටු තරුණයකු කියා සිටියේ ත්‍රීකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඔවුන්ගේම තවත් බස්රථ තුනකට ඉස්සර කරමින් ඉතා වේගයෙන් ඉදිරියට ධාවනය වූ බවයි.
 
පසුව හබරණ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ එය ගැටී තිබුණා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හබරණ පොලිසිය මගින් ක්‍රියාත්මකයි.





දඹුල්ල - කාංචන කුමාර ආරියදාස , හබරණ - සංජය මධුශාන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories