අයාලේ යන ගවයින් අල්ලන්න දෙසැම්බර් 15න් පසු මෙගා පොලිස් මෙහෙයුම්

Friday, 01 December 2017 - 13:19

%E0%B6%85%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+15%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
කොළඹ දිස්ත්‍රික්කයේ බලප්‍රදේශ කිහිපයක නිදැල්ලේ හැසිරෙන ගවයින් දෙසැම්බර් 15 ට පෙර ඉවත් කර ගත යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එසේ ඉවත් නොකරන සියලු ගවයින් ගව අනාථාගාරවලට රැගෙන යාමට කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ.

අද (01) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව, කඩුවෙල, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව සහ කෝට්ටේ යන මහනගර සභාවලත්, කොලොන්නාව, බොරලැස්ගමුව, කැස්බෑව, මහරගම යන නගර සභාවලත් කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවලත් මෙම අයාලේ හැසිරෙන ගවයින් ඉවත් කිරීම සිදුවනු ඇති.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

නගර අලංකරණය කිරීම යටතේ නගර සභාවලට යම් යම් උපදේශනයන් ලබාදුන්නා. ඒ තමයි මහාමාර්ගවල අයාලේ යමින් සිටින ගවයින් මහාමාර්ගවලින් ඉවත්කර අයිතිකාරයෝ වෙත් නම් අයිතිකරුවන්ට ලබාදෙන්න කියලා. අයිතිකාරයෝ නැති ගවයෝ ඉන්නවා නම් ගව අනාථාගාරයකට අපේ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් යවන බව ප්‍රකාශ කළා. අපි ප්‍රධාන වශයෙන්ම බැලූවේ දැනට මහනගර සභා බල ප්‍රදේශ පිළිබඳවයි. ඒ මහනගර සභා බලප්‍රදේශ ලෙස දැනට හඳුනා ගත්තෙ කොළඹ, කඩුවෙල, බොරලැස්ගමුව, කොළොන්නාව, දෙහිවල - ගල්කිස්ස, මොරටුව මහනගර සභාත්, කෝට්ටේ මහ නගර සභාව සහ මහරගම නගර සභාවත්, කැස්බෑව නගර සභාවත්, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවත් කියන මේ ප්‍රදේශවල පමණයි මේ ගැන සලකා බැලූවේ.  මේවයේ දැනට අපට ඒ ආයතන දැනුම් දුන් ආකාරයට ගවයින් ලියාපදිංචි කළ හා නොකළ 687 ක් ඉන්නවා. කොලොන්නාවේ බලප්‍රදේශයේ 40ක්, බොරලැස්ගමුව බලප්‍රදේශයේ 60 ක්, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ 60 ක්, කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ 80 ක්, දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ 40 ක්, මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ 196 ක්, කැස්බෑව නගර සභා ප්‍රදේශයේ 40 ක්, මහරගම නගර සභාවේ 15 ක්, කෝට්ටේ මහ නගර සභාවේ 90 ක්, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 15 ක් හැටියට.

ගවයින් ගාල්වල සිටීමෙන් කිසිම ගැටළුවක් නැහැ. මහනගර සභාවල කොමසාරිස්වරුන්ගෙන් බලපත්‍ර අරගෙන  ඕනම කෙනෙකුට එම බලපත්‍රවලට අනුකූලවන පරිදි ගවයින් ඇතිකිරීමේ කිසිම ගැටළුවක් නැහැ. ඒ වගේම ගවයින් විතරක් නෙමෙයි, බැටලූවන්, එළුවන්, ඌරන් මේ යනාදි සියළුම සත්ව විශේෂ ඒ ආකාරයට ඇති කිරීමේ ගැටළුවක් නැහැ. ගාල්කර නිසි බලපත්‍රයක් ඇතිව. දැන් අද සිදුවන කාරණය තමයි, ඇතැම් ගවයින්ට අයිතිකාරයොත් ඉන්නවා. ඒ ගොල්ලෝ ගවයින්ට තනකොළ කවන්න කියලා ප්‍රධාන සුසාන භූමිවලට යවනවා. දෙහිවල ගල්කිස්සට, කොළඹ මහ නගර සභාවේ සුසාන භූමිවලට වගේම පොදු උද්‍යානවලට ඇතුළු කරනවා. අද තිබෙන පොදු උද්‍යානවල පැරණි උද්‍යාන මෙන් නෙමෙයි ගවයින්ට තණකොල කන්න තිබෙන පසුබිමක් නැහැ. තමන්ට තනකොළ කවලා විධිමත්ව ගවයින් පවත්වාගෙන යනවා නම් ඒ ගවයින් පිළිබඳව කොමසාරිස්වරුන්ගේ අවසරය ඇතිව එය කරන්න  ඕනේ. නැතිනම් මෙමගින් විශාල මහජන පීඩාවක් වෙනවා. විශේෂයෙන්ම අනතුරු, වාර්තාවන ආකාරයට මෝටර් සයිකල් අනතුරු හා පොදු වාහන අනතුරු ගණනාවක් වාර්තා වෙලා තිබෙනවා මේ නිසා, ඒ වගේම මේ ගවයින් පාරේ හිටගෙන සිටීම  නිසා විශාල මාර්ග තදබදයක් සිදුවනවා උදෑසනට සමහර මාර්ගවල. එය ප්‍රධාන වශයෙන් අපට දැක බලාගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මෙමගින් ගවයින්ටත් සුදුසු තත්වයක් ඇතිවෙන්නේ නැහැ. මොකද නිසි ආහාර සහ ගවයෙකුගේ ජීවිත ගෙවන්න පුළුවන් පහසුකම් නොලැබෙන නිසා. ඔවුන්ගේ ජීවිතවලට හොඳ වාතාවරණයක් මෙමගින් එළඹෙන්නේ නැහැ.

ඒ වගේම මේ වෙළඳ හිමියෝ, මගියෝ මේ හැම කෙනාම මේකෙන් බාධාවලට මුහුණ දෙනවා. ඒ නිසා අපි දැනට මේ නගර සභාවලටල නාගරික කොමසාරිස්වරුන්ට උපදෙස් දීලා තිබෙනවා, ඉහත සඳහන් කළ නගර සභා බලප්‍රදේශවල නගර සභා හා මහානගර සභා ආඥා පනතට අනුකූලව දැනට බලපත්‍ර අරගෙන නැතිව හෝ බලපත්‍ර අරගෙන නැතත් නිසියාකාරව ගාල් කර නොමැති ඒ වගේම පොදු කටයුත්තකට, කරත්ත අදින්න හෝ වෙනත් කටයුත්තකට බාවිතා කරන්නෙත් නැති සතුන් ඉවත් කරන්න කියලා. ඒ නිසා මම කාරුණික ආයාචනයක් කරනවා සියළුම ගවහිමියන්ගෙන් මේ මහනගර සභා බලප්‍රදේශවල හා අවට ජීවත්වන, නොවැම්බර් 15 වෙනිදායින් පසු ඒ ආකාරයට මහාමාර්ගවල ගවයින් හැසිරුණොත් අයාලේ යන් ඉඩ හැරියොත් ඒ නාගරික කොමසාරිස්වරු දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා ඇති. අපි ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරනවා. ඒ නිසා දෙසැම්බර් 15 ට පෙර තමන්ගේ ගවයෝ, බලපත්‍ර ඇති නැති සියළු ගවහිමියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර  සභා බලප්‍රදේශවල තමන්ගේ ගාල්වලට ගෙනයන ලෙස. කිසිම ගවයෙක් අයාලේ යාමකට හෝ සුසාන භූමියකට, පොදු උද්‍යානයකට මුදා හැරීම වලක්වන්න කියලා. එතකොට එහෙම වැලකුණේ නැතිනම් අපි එම කොමසාරිස්වරුන් පහසුකම් සපයනවා මේ ගවයින් ඉවත් කරන්න. මොකද මේ ජනාකීර්ණ ප්‍රදේශවල එහෙම ගව සම්පත ඇතිකර ගැනීමේ හැකියාවක් නැහැ. පොදුවේ කවුරුන් මොනවා කිව්වත් එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා එම ගවයින්ට නිසි වාතාවරණයක් ලැබෙන පරිද්දෙන් එම කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා මහාමර්ගවල පැවැත්ම උදෙසා.

ඒ සඳහා නගර සභා ආඥා පනතෙන්, මහනගර සභා ආඥා පනතෙන් බලය ලැබිලා තිබෙනවා කොමසාරිස්වරුන්ට නීත්‍යානුකූලම එම කටයුත්ත කරන්න. ඒ වගේම මේ පනත අනුව නම් ගවයින් වෙන්දේසි කළ යුතුයි. අපි ගවයෝ වෙන්දේසි කරන්නේ නැහැ. ගවයෝ විධිමත් ගව අනාථාගාරයකට ගෙනයනවා. එතනින් පසු ඒ ගවයින් භාවිත කිරීමට කැමති ගොවි මහතුන් වෙත කලකදී නිකුත් කිරීමට කටයුතු කරනවා. කොළඹ නගර සභා බලප්‍රදේශයේ සිටින ගවයෙක් මිය ගියාට පසුව උගේ කුස තුළ තිබී හමුවුනේ විශාල පොලීතින් ප්‍රමාණයක්. එම ගවයා තනකොල නෙවෙයි කාලා තිබෙන්නේ පොලිතින්. මේ සතුන්ගේ ජීවිතය මෙයයි. ඇත්තටම විශාල පොලිතිල් තොගයක් මේ හැම සතෙකු තුළම තිබෙනවා.  ඕක තමයි කණගාටු දායක ඇත්ත. වනඅලින්ටත් මෙම තත්වයම උදාවෙලා තිබෙනවා. ගම්මානවලට පැමිණෙන වන අලින්ගේ කුස තුළ විශාල පොලිතින් ප්‍රමාණයක් තිබෙන බව. මේක මේ සතුන්ටත් කරන මහා අපරාධයක්. දෙසැම්බර් 15න් පසුව ස්වේච්ඡාවෙන් ඉවත් කර ගන්න.

තමන් සතුව ගවයෝ ඉන්නවා ඒ ගවයෝ තමන්ට දැනට පාලනය කර ගන්න බැරි නම් අපට බාර දෙන්න අපි ඒ ගොල්ලන්ව නිසියාකාරව නඩත්තු කරන්න කටයුතු කරනවා. අප සතුව තිබෙනවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර සියයක නිසියාකාරව පවත්වාගෙන යන ගව අනාථාගාරයක් එමගින් කලින් කලට ගොවි මහතුන් වෙත ගවයින් නිකුත් කරනවා. මෙම ප්‍රදේශවල සිටින මී ගවයින් සහා එළ ගවයින් සියළු දෙනාම අපි ඉවත් කරනවා’ යයි පැවසීය.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories