හම්බන්තොට සේවකයින් 3 වන දිනටත් ගොඩනැගිල්ල තුළ

Friday, 01 December 2017 - 19:31

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%85
වරාය අධිකාරිය අධිකරණ වාරණ නියෝගයක් ලබාගෙන තිබුණත්, හම්බන්තොට වරායේ සේවකයින් පිරිසක් අද 3 වන දිනටත් එහි ගොඩනැගිල්ලක් තුළ රැදී සිටිනවා. ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන්ට එවැනි නියෝගයක් නොලැබුණු බවයි.

පෙරේදා දිනයේදී මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ චක්‍රලේඛයක් මගින් එහි සියළුම සේවකයින්ට සේවයට වාර්තා නොකරන ලෙස කළ දැනුම් දීමත් සමඟ සේවකයන් මෙලෙස ගොඩනැගිල්ල තුළ රැදී සිටීමට කටයුතු කළා.

ඔවුන් ප්‍රකාශ කළේ වරාය අධිකාරිය විසින් එහි සියලූම භාණ්ඩ ලිඛිතව පවරා ගන්නා තුරු තමන් වරාය පරිශ්‍රයෙන් ඉවත් නොවන බවයි.

අදාළ චක්‍රලේඛය වහාම අවලංගු කරන ලෙස කම්කරු, වෘත්තීය සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී .ජේ. සෙනෙවිරත්න ඊයේ නියෝග කළේ එවැනි තත්ත්වයක් තුළයි.

මේ අතර, වරාය සේවකයන්ගේ පවුල්වල ඥාතීන් දින 11ක සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන්නේ වරාය පිවිසුම් මාර්ගය තුළයි.

මේ අතර මාගම්පුර වරාය සේවක සංගමය වෙත අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් වුවද මේ වන තුරුත් එවැනි වාරණ නියෝගයක් තමන් වෙත ලැබී නැති බව සේවකයින් සඳහන් කළා.

ගැබිනි මව්වරුන් දෙදෙනෙකු ඇතුළු 50 කට ආසන්න සේවක පිරිසක් වරාය ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ සහ අනෙකුත් සේවා ස්ථානවල රැදී සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් සොයාබැලීමට හම්බන්තොට සහකාර කම්කරු කොමසාරිස් අයි.එල් වික්‍රමනායක මහතා අද වරාය පරිශ්‍රයට පැමිණියා.

පසුව කොමසාරිස්වරයා හා ආරක්ෂක අංශ අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව සේවකයින්ට ආහාර පාන ලබාදීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වුණා.

වරාය සේවකයින් වරායෙන් ඉවත්වන තුරු ඔවුන්ට ආහාර ලබාදීමට ඥාතීන්ට අවස්ථාව ලබාදෙන ලෙස කම්කරු කොමසාරිස්වරයා ආරක්ෂක අංශවෙත දැනුම් දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories