උද්ඝෝෂණ පාලනයට නිළ සුනඛ සහාය

Saturday, 02 December 2017 - 12:44

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
උද්ඝෝෂණ සහ පෙළපාලි පාලනය කිරීම සඳහා පොලිස් නිළ සුනඛයන්ගේ සහාය ලබා ගැනීමේ සූදානමක් පිළිබදව වාර්තා වනවා.

ඒ සඳහා මේ වන විටත් සුනඛයන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිස් නිළ සුනඛ අංශය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

මේ සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ සහයෝගය ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.

එහි නිලධාරීන් දෙදෙනෙකු මේ වන විටත් මෙරටට පැමිණ පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

පොලීසියේ සහ උසාවියේ අණ නොතකා ඇතැම් විට සිදුකරන උද්ඝෝෂණ පාලනය කිරිමේදී වඩාත් විධිමත් ක්‍රමවේදයක් සැකසීමට අදාළවයි මෙලෙස නිළ සුනඛයන් පුහුණු කිරීමට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වන විට මනා පුහුණුවක් ලද නිළ සුනඛයන් 160 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ප්‍රධාන වශයෙන් යොදවා තිබෙනවා.

කෙසේ වෙතත්, උද්ඝෝෂණ මර්ධනය සඳහා නිළ සුනඛයන්ගේ සහයෝගය ලබා ගන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories