මොරගහකන්දේ විදුලි උත්පාදන පෙරහුරුව ඇරඹේ

Saturday, 02 December 2017 - 18:46

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මොරගහකන්ද ජලාශයේ ජලය විදුලිබල උත්පාදනය සදහා නිකුත් කිරීම අද දහවල් යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින්.

පවතින වැසි තත්ත්වය සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජල විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය ඊයේ වනවිට සම්පූර්ණවී තිබුණා.

අද දහවල් මොරගහකන්ද ජලාශය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර අනතුරුවයි විදුලි උත්පාදනය සදහා ජලය නිකුත් කළේ.

දින 4 ක් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්වනවා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමන් දිගු කලක සිට දුටු සිහිනයක් බවයි.

එය මල්ඵල ගැන්වෙන සුවිශේෂී දිනයක් වූ අද දිනය උදාවනතුරු තමා බලා සිටි බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 20 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (02) පත්වීම් ලිපි ලබා ගත්තා.

මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, පුත්තලම, රත්නපුර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සදහා මෙන්ම නුවරඑලිය ආසනය සදහා ද මෙලෙස නව සංවිධායකවරුන් පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories