උතුරු කොරියාව මිසයිල මෙහෙයුම සමරයි

Sunday, 03 December 2017 - 7:53

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිය නවතම දිගුදුර මිසයිල අත්හදාබැලීම උතුරු කොරියාව ඊයේ උත්සවාකාරයෙන් සමරනු ලැබුවා.

පියොංයැං අගනුවර කිම්ඉල් සුං චතුරශ්‍රයට එක්රැස්වූ දහස් සංඛ්‍යාත සොල්දාදුවන් අත්පොළසන් දී සතුට පළ කරන ආකාරය රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උතුරු කොරියාවේ හිටපු නායකයන්ගේ දැවැන්ත අනුරූ එහි සවිකර තිබූ අතර, අලංකාර ගිනිකෙළි සංදර්ශනයක්ද පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හවසොං - 15 ලෙස නම් කෙරුණු නවතම උතුරු කොරියානු මිසයිලය සාර්ථක ලෙස අත්හදාබැලීමෙන් තම රට ලොව විශිෂ්ඨයන් අතරට එක්වූ බව දැක්වෙන දැවැන්ත පුවරුවක්ද එහි සවිකර තිබූ බව සඳහන්.

එමෙන්ම උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ තව තවත් යුද අභ්‍යාස සැළසුම් කිරීමෙන් ඇමරිකාව තම රට වෙතින් න්‍යෂ්ටික යුද්ධයක් ඉල්ලා බැගෑපත්වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories