යුද හමුදාවේ 200 ක් එතෙර මෙහෙයුමකට

Sunday, 03 December 2017 - 12:52

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%AD%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7
සිවිල් යුද්ධයක් පවතින බටහිර අප්‍රිකානු රටක් වන මාලි දේශයේ එක්සත් ජාතින්ගේ මෙහෙයුම්වලට එක්වීම සදහා මෙරටින් 200 දෙනෙකුගෙන් යුත් යුධ හමුදා භට පිරිසක් ඉදිරි සති දෙක තුළ පිටත්ව යනවා.

මෙම හමුදා ඛණ්ඩයට රෙජිමේන්තු 10ක භට පිරිසක් අයත්.

ඔවුන්ගේ් විසිර යාමේ පෙළපාලිය පනාගොඩ පිහිටි පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්වුණු බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශ කලේ.

ශ්‍රී ලංකා - ජගත් සංවිධාන සාමසාධක බල ඇණිය අවුරුද්දක කාලයක් මාලි දේශයේ මෙහෙයුම්වල නිරත විමට නියමිතයි.

මේ අනුව එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා භට කණ්ඩායම්හි අනුයුක්ත ශ්‍රී ලංකා භට පිරිසෙහි ප්‍රමාණය ඉදිරියෙදි සංඛ්‍යාත්මකව බලසේනාවක ප්‍රමාණයට දක්වා ඉහළ නංවා ගැනීමට පියවර ගැනෙනවා.

මේ දක්වා එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා දායකත්වය දක්වා ඇති මෙරට යුධ හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 19 000 කට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories