හෙළා දකින පහර දීම

Sunday, 03 December 2017 - 20:09

%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
බණ්ඩාරවෙල - කොස්ලන්ද ප්‍රදේශයේ අවතැන්වූවන් පිරිසක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය හිරු වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකරුට වතු අධිකාරීවරයෙක් ඇතුළු පිරිසක් පහර දීම හෙළා දකිමින් අදත් පාර්ශ්ව කිහිපයක් ම අදහස් පළ කළා.

බණ්ඩාරවෙල - කොස්ලන්ද ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් 53 ක පුද්ගලයින් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිල්ලක රඳවා සිටි අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබද වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී යූ.එස්.පී. බණ්ඩාරට මෙම පහර දීම සිදුකර තිබුණා.

පහර කෑමට ලක්වූ අප ප්‍රාදේශීය මාධ්‍යවේදියා ප්‍රතිකාර ලබන්නේ මොනරාගල රෝහලේයි.

මෙම පහරදීම හෙළා දකිමින් මාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් අද අදහස් පළ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories