ජගත් නියෝජිතයන් 3ක් එයි, අත්තනෝමතික වැඩක් ගැන සොයයි

Tuesday, 05 December 2017 - 7:59

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පත් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධාන ක්‍රියාකාරී කමිටුවේ විශේෂ නියෝජිතයන් 03 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ දිවයිනට පැමිණි මෙම කණ්ඩායම ලබන 15 වන දා දක්වා රැදී සිටිනු ඇති.

ඔවුන් බන්ධනාගාර, පොලිස් ස්ථාන ඇතුළු විවිධ ස්ථානවලට යමින් අත්අඩංගුවට ගැනීම් පිළිබද තොරතුරු රැස් කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව ඔවුන් උතුරේ සංචාරයක නිරතවීමට ද නියමිතයි.

එම සංචාරවලින් සොයා ගන්නා කරුණු ඇතුළත් වාර්තාවක් ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම නියෝජිතයන් ඇතුළත් ක්‍රියාකාරී කමිටුව මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ ක්‍රියාවලීන් සඳහා පත් කර ඇති බවයි ජිනිවා මානව හිමිකම් මණ්ඩලය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories