හික්කඩුවේත් වෙඩි පත්තුවෙයි

Tuesday, 05 December 2017 - 13:07

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලබා ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

ඔහු වෙල්ඩින් වැඩ සඳහා හික්කඩුව ප්‍රදේශයට පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ හික්කඩුව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර තංගල්ල - කුඩාවැල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් කොල්ල කා පළා ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ මොවුන් මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි පහරකින් ගනුදෙනුකරුවෙකු තුවාල ලැබුවා.

කොල්ලකරුවන් අනතුරුව ඔවුන් පැමිණි යතුරුපැදියෙන් දික්වැල්ල දෙසට පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories