Update :- දක්ෂිණ අධිවේගයේ බාධාව ඉවත් කෙරේ

Wednesday, 06 December 2017 - 6:38

Update+%3A-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 113.5 කණුව ආසන්නයේදී ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් අවහිර වී තිබූ කොක්මාදූව සහ ඉමදූව අතර කොටසේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කළේ අද අලුයම 4ට පමණ අඩි 20ක් පමණ දිගින් යුත් මෙම කන්ටේනර් රථය රියදුරාට පාලනය කර ගත නොහැකිව ආරක්ෂිත වැටේ වැදී පෙරළී ගොස් තිබූ බවයි.

මෙම කන්ටේනරය කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් පැවති බවයි පොලීසිය සදහන් කළේ.

මේ වන විට පෙරළී තිබූ කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනයට ඉඩ සලසා ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය වැඩිදුරටත් කියා සිටියේ.

Update :- Wednesday, December 6, 2017 7.30 Am
---------------------------------------------------------------------

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර කන්ටේනර් රථයක් අනතුරට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට මාර්ගය අවහිරවී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ කොළඹට පැමිණෙන වාහන ගොඩගමින් ඇතුල් වී කොක්මාදූවෙන් පිටවී නැවත ඉමදූව පිවිසුමෙන් ඇතුල්වී කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories