පාදෙනියගේ විරෝධතාව අහකට

Wednesday, 06 December 2017 - 11:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%A7
අධිකරණයට අපහාස කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව එල්ල වන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව අද (06) අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ඔහුට විරුද්ධව සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන වසරේ මාර්තු මස 10 වනදා විභාගයට ගැනීමටද අද දින නියම කෙරුණා.

ඒ මෙම මූලික විරෝධතාව පිළිබඳව අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ලබාදෙමින්.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙසට පසුගිය ජනවාරි මස 31 වනදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෑල්ලූවට ලක් කර ඇති බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories