ඡන්දයට කොමියුනිස්ට් පක්ෂය තීන්දුවක් ගනී

Wednesday, 06 December 2017 - 16:58

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සිය පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන්ට කැමති සන්ධානයකින් ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමට කොමියුනිස්ට් පක්ෂය තීරණය කළ බව එහි මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර කියා සිටිනවා.

පක්ෂයේ සමගිය ආරක්ෂා කර ගැනීම සඳහා එසේ කළ බවයි ඔහු පවසන්නේ.

ඡන්දයට ඉදිරිපත් වන ආකාරය ගැන පක්ෂය තුළ විවිධ මැති මතාන්තර ඉදිරිපත් වූ බව පැවසූ මන්ත්‍රීවරයා ඇතැමුන් ශ්‍රීලනිපය හා එක්ව තරග කළ යුතු බවත්  සමහරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව හා එක්ව තරග කළ යුතු බවත් සමහරු කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණ යටතේ තරග කළ යුතු බවත් පවසා තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන ආකාරයේ පක්ෂයක් ද යන්න කොමියුනිස්ට් පක්ෂය තුළ විග්‍රහ කරගෙන නොතිබීම ද සලකා බලා තිබෙනවා.

මේ නිසා අපේක්ෂකයන්ට කැමති ආකාරයෙන් කුමන සන්ධානයක් යටතේ හෝ තරග කරන අතර මාතලේ, මහනුවර, හොරණ ආදී ප්‍රදේශ කිහිපයකට කොමියුනිස්ට් පක්ෂ ලාංඡනය යටතේ තරග කරනු ඇති බවයි ගජධීර මන්ත්‍රීවරයා පැවසුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories