පීඩන අවපාතය ගිය දුර

Wednesday, 06 December 2017 - 18:55

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය මේ වනවිට පීඩන අවපාතයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් ප්‍රකාශ කළා.

අද පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 800 ක් පමණ දුරින් පවතින බවයි.

ඉදිරි පැය 48 තුළදී මෙය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම අද සහ හෙට දිනයේදී මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories