ඩී.කේ.පීගේ ඇප සලකා බැලීම ලබන වසරේ

Thursday, 07 December 2017 - 14:03

%E0%B6%A9%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 06 දෙනාගේ ඇප ඉල්ලුම්පත් ලබන වසරේ ජනවාරි මස 09 වනදා සලකා බැලීමට නියෝග කෙරුණා.

ඒ මොවුන්ගේ ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව හමුවේ අද සලකා බැලුණු අවස්ථාවේදීයි.

2008 - 2009 කාලවකවානුව තුල තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොවුන් මේ මස 13 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories