පළාත් පාලන ඡන්ද කෙටුම්පත සම්මතයි

Saturday, 09 December 2017 - 19:04

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 137 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 49 ක් පමණයි.

මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

එම පනත් කෙටුම්පතට නව සංශෝධනයක් ලෙස බහු ආසන මන්ත්‍රී ඡන්ද කොට්ඨාශ පිළිබදව නව සංශෝධනයක් එක් කර තිබූ අතර, ඒ පිළිබදව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

එම අවස්ථාවේදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය රවුෆ් හකීම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, විමල් වීරවංශ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම කතානායක කරූ ජයසූරිය අදහස් පළ කළා.

ඊට එරෙහිව රවුෆ් හකීම් අමාත්‍යවරයා අදහස් පළ කිරීමද විශේෂත්වයක් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories