දුම්රිය වැඩවැරුම අදත් ,අලුතින් ගන්න සුදානම්

Sunday, 10 December 2017 - 7:14

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%2C%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග හෙට දිනයේ සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

කෙසේ වෙතත්, දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කළ අතර, දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න කියා සිටියේ තම ගැටලූවලට විසඳුමක් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.   

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ද වර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ ගැටළුවට විසඳුම් ලබා නොදීමේ වගකීම රජය භාරගත යුතු බවයි.

කෙසේ වෙතත්, හෙට දිනයේ සේවයට වාර්තා නොකරන සියලූම දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.   

අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කර ඇති නිසා සියලූ දුම්රිය කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම නිසා වහාම සේවයට වාර්තා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සේවකයින්ට දැනුම් දුන්නේ.

මේ අතර, දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එය ඉරා දමමින් විරෝධය පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories