අයි.එස්. සටන අවසන් - ඉරාකයෙන් ප්‍රකාශයක්

Sunday, 10 December 2017 - 8:33

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි සටන අවසන් වූ බව ඉරාකය ඊයේ නිවේදනය කළා.

බැග්ඩෑඩ් අගනුවර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉරාක අග්‍රාමාත්‍ය හයිඩර් අල් අබාඩි ප්‍රකාශ කළේ ඉරාක - සිරියානු දේශසීමාවේ සම්පූර්ණ පාලනය දැන් සිය හමුදා අතට පත්ව ඇති බවයි.

මොසූල් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර අහිමිවීමත් සමග ඉරාකයේ අයි.එස්. කණ්ඩායම් මෙම දේශසීමා ප්‍රදේශයට සීමාවුණා.

ඉරාකය මෙලෙස අයි.එස්. සංවිධානයට එරෙහි ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළේ සිරියාවේ අයි.එස්. කණ්ඩායම් පරාජය කිරීමේ මෙහෙවර අවසන් කළ බව රුසියාව ප්‍රකාශ කර දින 2 කින් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories