Update :- සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය තව දුරයයි

Sunday, 10 December 2017 - 19:28

Update+%3A-+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය  තව දුරටත් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර පැවති දෙවන සාකච්ඡාවත් අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.

Update :- Sunday, December 10, 2017 9.14 Pm
------------------------------------------------------------------

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය 04 වන දිනටත් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර, ඔහුගේ කොළඹ පිහිටි නිවසේ මේ වන විට තීරණාත්මක සාකච්ඡා වක් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට වර්ජනයට එක්ව සිටින සියලූම දුම්රිය සමිතිවල නියෝජිතයින් එක්ව සිටින බව ද එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, අද දිනයේදී දුම්රිය වාර 10ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබුණ ද ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය වාර 02ක් පමණක් බව පාලක මැදිරිය සඳහන් කළා.

ඇතැම් දුම්රිය රියදුරන්ට වෘත්තීය සමිති නියෝජිතයින් තර්ජන එල්ල කිරීම හේතුවෙන් සේවයට වාර්තා නොකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

වර්ජනය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ගමන් වාර 250ක් පමණ අවලංගු කර තිබෙනවා.

කෙසේ වෙතත්, දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියා අහිමිවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ආසන්න හෙයින් දරුවන්ගේ ගමන් පහසුව පිළිබඳ අවධානය යොමු කර සේවයට වාර්තා කරන ලෙසයි වර්ජනයේ නිරත සේවකයින්ගෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ දුම්රිය වෘත්තිය සමිති අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත්තේ අනිද්දා ආරම්භවීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට සහභාගි වන සිසුන්ට මෙම වර්ජනය හේතුවෙන් බලපෑමක් විය හැකි බැවින් වර්ජනය නතර කරන ලෙසටයි.

එමෙන්ම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන විටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවහොත් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය උපයෝගී කර ගනිමින් පෞද්ගලික බස් රථවල නොමිළේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories