ශ්‍රියාණි ගැන ගන්න යන තීරණය

Monday, 11 December 2017 - 12:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ජනාධිපතිවරයාට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මහජන එක්සත් පෙරමුණ පවසනවා.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඇය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ප්‍රකාශ කළා.

මෙවර පළාත්පාලන මැතිවරණයේදී නාමයෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සමඟ ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඇය ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිවරියගෙන්ද විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය තුළ කටයුතු කිරීමේදී තමන්ට සිදුවූ නොසලකා හැරීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිවරිය ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පෞද්ගලික ප්‍රතිලාභයක් මුල් කරගනිමින් මන්ත්‍රීවරිය මෙලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වී ඇති බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories