දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ පැවැති දුම්රිය වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූවා.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
වර්ජනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් ඊයේ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
අමාත්‍යවරයා එහිදී වෘත්තිය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත්තේ අනිද්දා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට මෙම වර්ජනය හේතුවෙන් බලපෑමක් විය හැකි බැවින් වර්ජනය නතර කරන ලෙසයි.
කෙසේ වෙතත්, දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද පස්වරුවේ පැවසුවේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, දුම්රිය රියදුරු සහයක සංගමය පෙන්වා දෙන්නේ දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිදුකරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බවයි.
වර්ජනය හේතුවෙන් ඊයෙත් දුම්රිය ගමන්වාර 250 ක් අවලංගු වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුගිය 09වනදාට සාපේක්ෂව වැඩි දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට ඊයේ හැකිවූ බවයි.
මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් දුම්රිය වාර ප්‍රවේශපත්‍රය සන්තකයේ ඇති පුද්ගලයින්ට පෞද්ගලික බස් රථවල නොමිළේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.
දුම්රිය මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදවීමට කටයුතු කරන බවට රජය ප්‍රකාශ කළද මගීන් චෝදනා කරන්නේ තමන්ට එවැනි පහසුකම් සලසා නොමැති බවටයි.
වර්ජනය හේතුවෙන් අදත් විදෙස් සංචාරකයින් අපහසුතාවට පත්වුණා.
දුම්රිය සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන රැසක් අදත් පාළු ස්වභාවයක් ගත් අතර, මගීන් දැඩි අපහසුතාවට පත්වුණා.
මේ අතර දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියා අහිමිවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ ප්‍රකාශ කළා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ආසන්න හෙයින් දරුවන්ගේ ගමන් පහසුව පිළිබඳ අවධානය යොමු කර සේවයට වාර්තා කරන ලෙසයි වර්ජනයේ නිරත සේවකයින්ගෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ ප්‍රකාශ කළා.
පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කළ අතර, අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම් කර ඇති හෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයින්ට විශේෂ නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

Follow US
Most Viewed Stories