ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක හා උතුරු මැද පළාත් මන්ත්‍රී පී බී කුමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ජානිපෙ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අනුරාධපුරයේ දී 05වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විවේචනය කළා.
වත්මන් දේශපාලනය ගැන අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ පක්ෂ සදාකාලික නොවන බව හා ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි.
සමහරු තමන් ඩොලර් ගත් බව හා රෝ ඔත්තුකරුවෙකු බව ට චෝදනා කරන බව කි ඔහු ඒවා ඔප්පු කරන ලෙස අභියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බව තරයේ සඳහන් කරන මන්ත්‍රීවරයා එසේ නොමැති නම් රටට ඉදිරියක් නොමැති බවද කියා සිටියා.
මේ අතර තමන් මින් ඉදිරියට විමල් විරවංශ මන්ත්‍රීවරයා සමග ජාතික නිදහස් පෙරමුණේ කටයුතු නොකරන බව, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දැනුම් දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක කලින් සඳහන් කළා.
එහෙත් එජාප දේශපාලනය හා එක නොවන බවත් තමන් හිටපු ජනපතිට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.
තමන්ව ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළා.
එහෙත් එම තීරණය ගත රැස්වීමට තමන් හෝ පක්ෂ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ එක් නොවූ බව පැවසු ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස් වන විට එයින් ඉවත් වීමට ජානිපෙ ගත තීරණයට තමන් එකඟ නොවූ බවයි.
නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන කරුණ පරාජය කිරීමට නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දිනා ගැනීම හා ජනපති ඇමතීම කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නව ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවට අදාළව සිදුකළ ප්‍රකාශය විවේචනය කරමින් පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මිට පෙර ප්‍රකාශයක් කළ අතර එය වැරදි ප්‍රකාශයක් බව එම පක්ෂය පසුව කියා සිටියා.
එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මාධ්‍ය හමුවක දී පැවසුවේ ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව පක්ෂය ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.
පසුගිය කාලයේ ඔහු දේශපාලන වශයෙන් යාවත්කාලීන නොවූ බවත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව ඔහු ප්‍රකාශ සිදුකර ඇති බවත්, ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියා.
එමෙන්ම, ඔහු සිදුකළ ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදුකර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

Follow US
Most Viewed Stories