වැස්ස වැඩිවෙයි

Tuesday, 12 December 2017 - 8:25

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි දිනවලදී  වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්  අපේක්ෂා කෙරෙනඅතර විශේෂයෙන් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

අද (12) උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත ත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද එහි දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories