කඩු 3යි; වාහන 3යි; නවදෙනයි

Tuesday, 12 December 2017 - 10:41

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94+3%E0%B6%BA%E0%B7%92%3B+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+3%E0%B6%BA%E0%B7%92%3B+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
කඩු තුනක් සමඟ වාහන තුනකින් පැමිණි පුද්ගලයින් නවදෙනෙකු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථ දෙකක් සහ කඩු 03ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ හෝටලයක් අතර රැඳී සිටින බවට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම පිරිස රැඳී සිටියාද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් නවදෙනා ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළ බවයි ගාල්ල පොලිසියෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු පවසා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories