දුම්රිය රියදුරන්ට අද රෑ වනතුරු පුළුවන් ; තීරණය ගන්න හදන විදිය

Wednesday, 13 December 2017 - 7:57

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%91+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%3B+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA
වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රිය වනවිට සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය හැරගියා සේ සළකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම තීරණය ගෙන ඇති බවයි.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වර්ජනය ආරම්භ කර අදට දින 07ක් ගත වනවා.

ඔවුන් සේවයට වාර්තා නොකිරීම මත දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයද පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

එම ගැසට් පත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රිය වනවිට සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් සේවය අත්හැර ගියා සේ සැළකෙනවා.

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ දිනයේදී දුම්රිය ගමන් වාර 45ක් ධාවනය කිරීමට කටයුතු කළ බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.

මේ අතර, වර්ජනය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කැබිනට් අනුකමිටුවක් ඊයේ පත්කළා.

අදාළ කමිටුව මගින් මෙම ගැටළුව පිළිබඳ සමාලෝචනය කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ.

සිය ගැටළු සම්බන්ධයෙන් අද පෙරවරුවේ අදාළ කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන  බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories