බෑණා, මාමා මරයි

Thursday, 14 December 2017 - 11:03

%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දංකොටුව - දුම්මලකොටුව ප්‍රදේශයේදී තම මාමාට පිහියෙන් ඇණ ඝාතනය කළ බව කියන බෑනා කෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය පවසනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ රාජගිරිය - කලපළුවාව පදිංචිව සිටි රුවන් කුමාර අමරසිංහ නමැති 43 වියැති පුද්ගලයෙක්.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ අයගේ බෑණා වන 24 හැවිරිදි තරිදු ලක්මාල් නැමැත්තායි.

ඊයේ (13) සවස 4.45ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව දංකොටුව පොලීසිය සඳහන් කළා.

ඝාතනයට ලක්ව ඇති අයගේ දියණියක් හා විවාහ වී සිටීන සැකකරු තම බිරිඳ සමඟ දංකොටුව - දුම්මලකොටුවල විජයරත්න වත්ත ප්‍රදේශයේ තාවකාලිකව කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිට තිබෙනවා.

සැකකරු දංකොටුව කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බව ද පොලීසිය සඳහන් කළා.

සැකකරු සහ බිරිඳ අතර නිතර අඩ දබර සිදුවී ඇති බවයි පොලීසිය විසින් කරන ලද විමර්ශණවලදී හෙලිවී ඇත්තේ.

සැමියාගෙන් තමන්ට කරදර සිදුවන බව දියණිය විසින් ඝාතනයට ලක්ව ඇති පියාට දන්වා තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දහවල් පියා දියණියගේ නිවසට පැමිණ තම දියණියව කැඳවාගෙන යාමට උත්සාහ කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී මාමා සහ බෑනා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පිහි ඇණුමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි මාමා  දංකොටුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

ඝාතනය සිදුවන විට එම ස්ථානයේ සිටි බව කියන සැකකරුගේ පියාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ පවත්වනවා.

පුත්තලම- ජුඩ් සමන්ත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories