පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්ර දෙකක් ප්රතික්ෂේප වී තිබෙනවා.
ඒ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්රාදේශීය සභා සඳහායි.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල, මහියංගණය සහ අගලවත්ත ප්රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්ර ප්රතික්ෂේප වුනා.
එමෙන්ම පානදුර සහ මහරගම නගර සභා සඳහා ඔවුන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්ර ද ප්රතික්ෂේප වී තිබෙනවා.
මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කර තිබූ නාමයෝජනාවේ ස්ත්රී - පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම නිසා එය ප්රතික්ෂේප වී ඇති බවයි කොළඹ දිස්ත්රික් තේරීම්භාර නිලධාරිවරයා හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්රය ප්රතික්ෂේප වී තිබුනේ දිස්ත්රික්කය සදහා පක්ෂයෙන් නම් කර ඇති බලයලත් නිලධාරියා විසින් අදාළ නාමයෝජනාව භාර නොදීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ඊට අදාළව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම පෙරමුණේ ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.

Follow US
Most Viewed Stories