කින්නියාවේ සිසුන් 15 ක් පොලීසි යයි

Thursday, 14 December 2017 - 18:50

%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය - කින්නියා අධ්‍යාපන කලාපයට අයත් සිසුන් 15 දෙනෙකුට මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීම සදහා අවශ්‍ය කරන අයදුම්පත් ලැබී නොමැති බවට දෙමව්පියන් චෝදනා කරනවා.

ඒ පිළිබදව තමන් කින්නියා පොලීසියට ද පැමිණිලි කළ බවයි ඔවුන් සදහන් කළේ.

ඒ අනුව අදාළ සිසුන් නියෝජනය කරන පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් පොලීසිය මේ පිළිබදව විමසීම් සිදුකර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ සිසුන් ඉදිරිපත් කර ඇති අයදුම්පත්‍රවල පැවති විවිධ දෝෂ හේතුවෙන් අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බවයි.

මේ අතර, අම්පාර මහඔය ප්‍රදේශයේ පියෙකු සහ දියණියක එකම විභාග මධ්‍යස්ථානයක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ පුවතක් ද අද (14) හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මේ අතර නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවන ආකාරයෙන් පෙළපාලි පැවැත්වීමේ සිද්ධීන් දෙකක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.

ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories