අත්තනෝමතික රඳවා ගැනීම් සොයන්න ඇවිත්, මගහැර ගිය දියණිය

Friday, 15 December 2017 - 18:40

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ කටයුතු කිරීම ඇතුළු සාධනීය මුල පිරීම් පිළිගැනීමට ලක් කරන බව අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම අද ප්‍රකාශ කළා.

දින 12 ක කාලයක් එම ක්‍රියාකාරී කණ්ඩායමේ විශේෂඥ සාමාජිකයින් පස් දෙනෙකු මෙරට ප්‍රදේ්ශ රැසක සංචාරය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ක්‍රියාකාරී සාමාජික ලී ටූමේ මේ බව කියා සිටියා.

ඔවුන් එහිදී පුද්ගලයින් රැඳවුම් භාරයේ සිටින විවිධ ස්ථාන 30 කට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇති අතර, 100 කට වැඩි පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡා  පවත්වා තිබෙනවා.

ක්‍රියාකාරී කණ්ඩායමේ මෙරට චාරිකාව පිළීබඳ අවසන් වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වු අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජික ලී ටූමේ ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායකගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසක් මෙම විශේෂඥයන් කණ්ඩායම හමුවීමට එම මාධ්‍ය හමුව පැවති ස්ථානයට පැමිණියත් ඔවුන්ට ඊට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

රණවිරුවන්ගේද මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවට කරුණු දැක්වූ ලිපියක් එම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන්ට භාරදීම සඳහායී ඔවුන් එහි පැමිණ තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories