19 හැවිරිදි ජීවනීගේ අභිරහස් මරණය (ඡායාරූප)

Saturday, 16 December 2017 - 11:43

19+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92++%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර, උහන. වෑරන්⁣කැටගොඩ ප්‍රදේශයේ නිවසක ඇඳක් මත තිබී අභිරස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (15) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වන ජීවනී ලක්ෂිකා නමැති විවාහක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගියදා සවස සිට ඇය පිළිබඳව තොරතුරක් නොමැති වීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඇයගේ සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇති 19 හැවිරිදි කාන්තාව මාස දෙකක ගැබිණියක් වන අතර සිද්ධිය සිදුවූ බව කියන දින ඇයගේ සැමියා යතුරුපැදියක නැගී නිවසින් පිටවන අයුරු කුඩා ළමයෙක් විසින් දැක ඒ පිළිබඳව ඥාතීන් දැනුවත් කර තිබෙනවා.

මෙලෙස නිවසින් ගොස් සිටි  22 හැවිරිදි  මෙම පුද්ගලයා ඔහුගේ නිවස අසල ගෙළ වැළලාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සහ කිරීමේදී ඔහුගේ සහෝදරයා දැක අද උදෑසන රෝහල් ගතකර තිබෙනවා.

ප්‍රදේශවාසීන් 'නයා' නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන මෙම 22 හැවිරිදි තැනැත්තා මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අහිරහස් ලෙස නිවස තුල මියගොස් සිටි කාන්තාවගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇයගේ සිරුර අම්පාර රෝහලේ වෙත ගෙනගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු උහන පොලිසිය විසින් පවත්වනු ලබනවා.





ඡායාරූප - අම්පාර, සමන් චන්ද්‍රතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories