චීනය ළඟට ගන්න එක ගැන ඉන්දියාව කියන කතාව

Saturday, 16 December 2017 - 13:02

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%85%E0%B6%9F%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකාව කලාපීය ආරක්ෂාව සහ සංවේදීතාවයන් ගැන අවධානයෙන් කටයුතු කළ යුතු බව ඉන්දියාව පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට රුහුණු මාගම්පුර වරාය චීනයට වසර 99ක බද්දට ලබාදීම පිළිබඳව ඉන්දීය රජයේ මතය විමසීමේදියි.

ඉන්දීය මාධ්‍ය මගින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා, තුන්වැනි රටක් නිසා කිසිසේත් වෙනස් නොවන බවයි.

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විවිධ ක්ෂේත්‍රයන්ට පැතිරුණු මුල් බැසගත් සම්බන්ධයක් බවයි ඔහු අවධාරණය කළේ.

කෙසේ නමුත්, ඉන්දියාවේ ආරක්ෂාවට ද බලපාන කරුණු සම්බන්ධයෙන් මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවත්, ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රවීෂ් කුමාර් කියා සිටියා.

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෲප් සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් සර්විසස් යන චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ස් සමාගම මගින් කළමනාකරණය කරන සමාගම් දෙක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන හම්බන්තොට වරායේ ප්‍රමුඛ හිමිකාරත්වය චීනයට හිමි වනවා.

ඉන්දීය සාගරයට මුහුණලා පිහිටි හම්බන්තොට වරාය, චීනය - යුරෝපය හා යා කෙරෙන නව මුහුදු සේද මාර්ගයේ වැදගත් පුරුකක් ලෙසයි ඉන්දීය මාධ්‍ය හඳුන්වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories