අප්‍රිකානු ජාතික කොංග්‍රසයට නව නායකත්වයක්

Saturday, 16 December 2017 - 14:12

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකාවේ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයට නව නායකයෙකු පත් කර ගැනීම සඳහා සිව් දින පක්ෂ සම්මේලනයක් ජොහැනස්බර්ග් නුවර දී අද ආරම්භ වනවා.

ඒ, දූෂණ චෝදනා එල්ල වී ඇති ජනාධිපති ජේකොබ් සූමා වෙනුවටයි.

නව පක්ෂ නායකයා දකුණු අප්‍රිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ද තේරී පත්වනවා.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ මීළඟ නායකත්වය සඳහා වත්මන් උප ජනාධිපති සිරිල් රමෆෝසා සහ හිටපු අමාත්‍යවරියක මෙන්ම ජනාධිපති සූමාගේ හිටපු බිරිඳ ඩ්ලාමිනි සූමා ද ඉදිරියෙන් සිටින බව සඳහන්.

කෙසේ නමුත්, නායකත්වය සඳහා පවතින තරඟයෙන් 2019 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ දකුණු අප්‍රිකානු මහ මැතිවරණයට පෙර අප්‍රිකානු ජාතික කොංග්‍රසය දෙකඩ වීමේ අවදානමක් ද පවතින බව විචාරකයන් පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories