සුළඟේ වේගය ඉහළට

Saturday, 16 December 2017 - 16:53

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉදිරි පැය 48 තුළ කන්කසන්තුරේ සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එසේම කන්කසන්තුරේ සිට මඩකලපුව, හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැසි ඇති වන අවස්ථාවන්හිදී පැයට කිලෝමීටර් 80 දක්වා වැඩිවිය හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.

ඉදිරි දින කිහිපයේදී ඊසාන දිග මෝසම ආරම්භ වන බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories