ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අද දිනයේදීත් පළාත් පාලන ආයතන රැසකට ඇප මුදල් තැන්පත් කළා.
ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුදුම්බර, මිනිපේ, උඩ පළාත, පාතහේවාහැට සහ තුම්පනේ යන ප්‍රාදේශීය සභා සදහාත් කඩුගන්නාව සහ ගම්පොල යන නගර සභා සඳහාත් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය එස්.බී.දිසානායක කියා සිටියේ
‘‘ වීරවංශ මන්ත්‍රීතුමාගෙත් පක්ෂය නිකං හෝදලා දැන් පොත්ත ඉතුරු වෙන්න. සියළුම දෙනා ඇවිල්ලා. වීරවංශ මන්ත්රීතුමාත් දැන් ඉතාම කළකිරීමෙන් තමයි ඉන්නේ කියන එක තමයි අපිට තේරෙන්නේ. එතුමා එක්කත් අපේ අය කලා කරනවා. ඒනිසා මොනවා මොනවා හරි වෙයි. මොනවා වුණත් අපි හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය රටේ හොඳ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකු සිද්ධිය හා ඔය ඇතිවෙච්ච කාරණා පිළිබඳව. ඒ නිසා අපි දිනනවා ’’ බවයි.
අමාත්‍ය සරත් අමුණුගම එහිදී පළ කළේ මෙවන් අදහසක්.
‘‘ ලොකු රැල්ලක් හැදීගෙන එනවා අපේ පැත්තට. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය හොඳට දන්නවා මේ සමගියට බාධා කළේ කවුද කියලා. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සියළු දෙනාම අපිට ආධාර කරනවා. ඒකයි අපිට අලුත්ම සමීක්ෂණවලින් ලැබෙන වාර්තාව’’
එක්සත් ජනතා නිදහස් සන්ධානය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය සභාව සදහා අද ඇප මුදල් තැන්පත් කළේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අම්පාර නගර සභාව සහ උහන, දමන සහ මහඔය යන ප්‍රාදේශීය සභා සදහා ද අද ඇප මුදල් තැන්පත් කළා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ද මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මහනගර සභාවට සහ කඩවත් සතර හා ගගවටකෝරලේ ප්‍රාදේශීය සභාවට අද ඇප මුදල් තැන්පත් කළා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්.
‘‘ ජය සිකුරුයි. කිසිම සැකයක් නැහැ. දැන් ඒකාබද්ධ විපක්ෂයේ අයත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දවසින් දවස අත්හැරලා යනවා. ඉතින් ඒගොල්ලෝ අත්හැරලා යන්නේ මං හිතන්නේ ඒ තුළ අනාගතයක් නැති නිසා වෙන්න ඇති.
ප්රශ්නය - ඇමතිතුමාල මේ සැරේ නගරසභාවේ පුරපති නම්කරලා තියෙනවා ද ඔබතුමාලාගේ පක්ෂයෙන්?
නැ අපේ ලිස්ට් එකේ පුරපතිවරු ගණනාවක්ම ඉන්නවා. හිටපු අය. ඒ නිසා අපි නම් කෙරුවේ නැහැ. අපි ඕපන් තිබ්බා. මොක අලුත් මැතිවරණ ක්‍රමය අනුව බහුතරයකගේ සහයෝගය ලැබෙන කෙනාට තමයි පුරපති වෙන්න පුළුවන්’’
එසේම, එක්සත් ජාතික පක්ෂය යාපනය දිස්ත්‍රික්කයේ මීට පෙර, ඇප තැන්පත් කළ චාවකච්චේරිය නගර සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 16 සදහා ඊයේ පස්වරුවේ ඇප මුදල් තැන්පත් කර තිබුණා.
දෙමළ ජාතික සන්ධානය ද යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 16 ක් සදහා ඇප මුදල් තැන්පත් කළේ ඊයේ පස්වරුවේදීයි.
මේ අතර, තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා හිමි නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සදහා කටයුතු කරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් සංජය හෙට්ටිගේ අද ප්‍රකාශ කළා.
‘‘ තමන්ගේ මන්ත්‍රීවරු 6 දෙනාට මේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් පෙනීසිටීමට අවස්ථාව නොදීම, මේක කරපු ද්‍රෝහිකමක්. ඒ කුමන්ත්‍රණය පරාජය කිරීමට අනිවාර්යෙන් ම බණ්ඩාරගම අපි පොදුජන පෙරමුණේ පරාජය වෙනුවෙන් කරයුතු කරනවා. අපි සක්‍රීයව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දෙන්න සූදානම්’’

Follow US
Most Viewed Stories