අද සහ හෙට වැසෙන කොළඹ මාර්ග

Sunday, 17 December 2017 - 8:15

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
අද උදෑසන සහ හෙට පෙරවරුවේ මාර්ග කිහිපයක් සුලු වේලාවක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙනුයි මෙලෙස මාර්ග වසා තැබෙන්නේ.

ඒ අනුව කැළණි පාලම අසල සිට බේස්ලයින් හංදියට පිවිසෙන අතුරු මාර්ග වන නෙලුම් පොකුණ / පුස්තකාලය / ලිබර්ටි වටරවුම / සෙන් මයිකල් මාවත සිට ගාලු පාර දක්වා වන අතුරු මාර්ග පෙරවරු 8.30 සිට 9.30 අතර දක්වා කාලය තුල විනාඩි 15 ක් පමණ වසා තැබෙනු ඇති.

බේස්ලයින් මාර්ගයට පිවිසෙන අතුරු මාර්ග වන ආනන්ද කුමාරස්වාමි මාවත / කොල්ලුපිටිය හංදිය / ගාලු මුවදොර පිටිය / එන් එස් ඒ වටරවුම විනාඩි 15 ක් පමණ වසා තැබෙනවා.

හෙට පෙරවරු 8.15 සිට 10 දක්වා කාලය තුල ගාලු මුවදොර වටරවුම සහ පරණ පාර්ලිමේන්තු වටරවුම විනාඩි 15 ක් පමණ වරින් වර වසා තැබෙන බවයි පොලිසිය කියාසිටියේ.

එබැවින් මෙම වේලාවන් තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories