රුසියානු තේ තහනමට ඒකාබද්ධ ප්‍රතිචාරයක්

Sunday, 17 December 2017 - 12:37

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන තේ සඳහා තාවකාලිකව පනවා ඇති තහනමට අමාත්‍යාංශ තුනක් එක්ව ඒකාබද්ධ ප්‍රතිචාරයක් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන තේ ඇතුළු සියලූම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමට රුසියානු කෘෂිකර්ම ආරක්ෂණ අධිකාරිය තීරණය කරනු ලැබුවා.

 එම තහනම හෙට සිට ක්‍රියාත්මක වන බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ එක් තේ තොගයක තිබී කෘමියෙකු හමුවීම මෙම තහනම පැනවීමට හේතුව ලෙස රුසියාව සඳහන් කළා.

රුසියාවට ආනයනය කෙරෙන තේ වලින් 23% ක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන්.

මෙරට තේ ආනයනය රුසියාව විසින් අත්හිටුවීම නිසා මතුව ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා තේ මණ්ඩල සභාපතිවරයා සහ නියෝජිතයන් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයන් රුසියානු තානාපතිවරයා සමග මේ වනවිට සංවාදයක නිරතවනවා.

එමෙන්ම මෙරට තේ තොග ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව හෙට හෝ අනිද්දා රුසියානු බලධාරීන් විසින් නිකුත් කරනු ඇතැයි අපේක්ෂිතයි.

ඉන් අනතුරුව ඒ පිළිබඳ ඉදිරි කටයුතු සොයාබැලීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙසේ නමුත්, රුසියානු තේ නිෂ්පාදන සම්මේලනය නැවතත් ශ්‍රී ලංකාවේ තේ ආනයනය සඳහා අවසර දෙන්නැයි එරට ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලීමක් කිරීමටද සැරසෙන බව සඳහන්.

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා මාස 10 තුළ ශ්‍රී ලංකාව තේ ටොන් එක්ලක්ෂ 41,300 ක් රුසියාවට අපනයනය කළ අතර, එමඟින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 436 ක්.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories