ජනපති,රුසියාවෙන් කරන්න යන ඉල්ලීම

Sunday, 17 December 2017 - 13:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
තේ අපනයනයේදී ශ්‍රී ලංකාවට පනවා ඇති තාවකාලික තහනම ඉවත් කරන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හපුතලේ ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුකිරීම සඳහා වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජයේ ධුත පිරිසක් අද රාත්‍රියේ රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ තේ තොගයක තිබී කෘමියෙකු හමුවීමත් සමඟ රුසියාව විසින් මෙරට තේ සඳහා තාවකාලික තහනමක් පනවනු ලැබුවා.

එම තහනම හෙට සිට ක්‍රියාත්මකවීමට නියමිතයි.

තේ තොගයේ තිබී හමුවී ඇති බව කියන කෘමි විශේෂය ගබඩා කර තබන ධාන්‍ය වර්ගවල බහුලව සිටින බවටයි වාර්තා වන්නේ.

කෘමීන් හමුවූ තේ තොගය සහිත බහාලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනයට යොදා ගත් බහාලුමක් බවට ද අනාවරණ වී තිබෙනවා.

රුසියාව යනු ශ්‍රී ලංකාවේ තේ අපනයන කරන ප්‍රධාන වෙළඳපොළක් වන අතර, වාර්ෂිකව රුසියානු සමූහාණ්ඩුවට අපනයන කරන තේ තොග ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 50කට ආසන්නයි.

එය මෙරට සමස්ත තේ අපනයනයෙන් සියයට 17ක්. රුසියානු සමස්ත තේ වෙළදපොළෙන් සියයට 23ක ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ද ශ්‍රී ලංකාව විසින්.  

මේ වසරේ ජනවාරියේ සිට ඔක්තෝම්බර් දක්වා මාස 10ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තේ ටොන් එක්ලක්ෂ 41,300ක් රුසියාවට අපනයන කර ඇති අතර, එමගින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 436ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories