හෙට ගන්නා අවසන් තීන්දුව

Sunday, 17 December 2017 - 18:52

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80
සිය ඉල්ලීම්වලට හෙට දිනය තුළ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

07 වන දිනටත් එම සංගමයේ නියෝජිතයින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත වන්නේ පාලන අධිකාරියට පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකිරීම, සේවකයින්ගේ වෛද්‍ය සහ ප්‍රසාද දීමනා කප්පාදු කිරිම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පලකරමින්.

හෙට දිනයේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ ලංකා විදුලි සේවක සංගමය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවේදී විසඳුම් නොලැබුණහොත් වර්ජන ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories