Update - වොෂින්ටන් නුවර දුම්රිය අනතුරෙන් 06ක් ජීවිතක්ෂයට

Monday, 18 December 2017 - 22:47

Update+-+%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ මගී දුම්රියක් පාලමක් මතින් ගමන් ගනිද්දී, පහළින් වූ මහා මාර්ගයට කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් ජීවිත හානි රැසක් සිදුව තිබෙනවා.

නවතම වාර්තා සඳහන් කරන පරිදි මෙහිදී අවම වශයෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සඳහන්.

තවත් 77 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සියැටල් ප්‍රදේශයේ සිට පෝට්ලන්ඩ් නගරය වෙත ගමන් ගත් දුම්රිය ඇමරිකානු වේලාවෙන් උදෑසන 6ට කඩා වැටී ඇත්තේ අධිවේගයෙන් ගමන් ගන්නා විටයි.

දුම්රියේ මැදිරි කඩා වැටීමත් සමඟ පහළින් වූ මහා මාර්ගයේ ගමන් ගත් ලොරි රථ දෙකක් ඇතුළු වාහන 07කට ද හානි සිදුව තිබෙනවා.






Update :- Tuesday, December 19, 2017 6.37 Am
---------------------------------------------------------------------
අමරිකාවේ වොෂින්ටන් නුවර අධිවේගී මාර්ගයකට දුම්රිය මැදිරි 2ක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පාලමක් මතින් ගමන් කරමින් තිිබියදී පීලි පැනීමට ලක්වු මැදිරි දෙකක් පහතින් පිහිටි අධිවේගී මාර්ගයට කඩා වැටී ඇතැයි සඳහන්.

අනතුරින් පිරිසක් තුවාල ලබා ඇති අතර එම සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණ වි නැහැ.

එමෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථ කිහිපයක් ද හානියට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම දුම්රිය ගමන් කර ඇත්තේ අලුතින් ඉදි කරනු ලැබු අදාළ දුම්රිය මාර්ගයේ පළමු ගමන් වාරය ලෙසට බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories