චීනයට ගිය වරායට මුලින් ම ආපු නැව

Tuesday, 19 December 2017 - 7:31

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80
හම්බන්තොට - මාගම්පුර වරාය චීනයට පවරා දීමෙන් පසුව පැමිණි ප්‍රථම ප්‍රවාහන නෞකාව ඊයේ මාගම්පුර වරාය වෙත සේන්දු වුණා.

පැනමා සිට පැමිණි මෙම නෞකාව තුළ මෙරටට වාහන 400ක් පමණ රැගෙන පැමිණ ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සේවකයන් ප්‍රමාණවත් පරිදි නොසිට ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, තම දරුවන් වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් වරාය සේවකයින්ගේ දෙමව්පියන් පවත්වනු ලබන සත්‍යග්‍රහය 29 වන දිනටත් ක්‍රියාත්මකයි.

එම සත්‍යග්‍රහයට සහාය දක්වමින් හිටපු වරාය සේවකයින් ඊයේ වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසට පැමිණ පොල් ගසා දෙවියන් වෙත කන්නලව්වක් ද සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories