ගණිතය නිසා වසබොයි

Wednesday, 20 December 2017 - 10:04

%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු දීමට අපොහොසත් වුනැයි දැඩි ලෙස සිත කලකිරීමට පත්ව සිටි බව කියන පොළොන්නරුව- දිඹුලාගල- අරලගංවිල - කැකුළුවෙල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු වස පානය කර මියගිය පුවතක් වාර්තා වනවා.

ගණිතය සහ විද්‍යා විෂයේ එක් ප්‍රශ්න පත්‍රයකට පෙනී සිට පෙරේදා (18) නිවසට පැමිණීමෙන් පසු දැඩි කනස්සල්ලකින් සිටි බවයි පොලිස් පරීක්ෂණවලදී ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.  

ඔහුගේ පියා පොලිසියට පවසා ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්නපත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමට අපොහාසත් වූ බව කියමින් මෙම ශිෂ්‍යයා දැඩි සිත් තැවුලින් සිටි බවයි.
 
අරලගංවිල, කැකුළුවෙල පදිංචි 17 හැවිරිදි ඉෂාර ජනිත් චන්ද්‍රසිරි නමැති ශිෂ්‍යයෙක් මෙසේ දිවි නසා ගෙන තිබෙනවා.

මෙම සිසුවා පියාට අයත් ත්‍රිරෝද රථයෙන් අරලගංවිල - කැකුළුවෙල වැව ආසන්නයේ ඇති වෙල්යායක්‌ වෙත ගොස්‌ වස පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ශිෂ්‍යා වස පානය කර ඇති බව දැනගත් ඔහුගේ පවුලේ අය සහ අසල්වාසීන් ඔහු රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර ඊයේ පෙරවරුවේ ඔහු මිය ගොස්‌ ඇති බව සඳහන්.
 
මෙසේ මියගිය සිසුවා අධ්‍යාපන කටයුතුවලට අති දක්‍ෂයකු බවත් පාසලේ සෑම වාර පරීක්‍ෂණයකදීම පළමු ස්‌ථානය දිනා ගෙන ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories