අක්බාර් ටවුන් ද, එඬේරමුල්ල 2 ද ?

Wednesday, 20 December 2017 - 16:06

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%2C+%E0%B6%91%E0%B6%AC%E0%B7%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+2+%E0%B6%AF+%3F
මහර ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් 04ක් එකතුකර අක්බාර් ටවුන් ලෙස  නම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ඉල්ලා එඩේරමුල්ල ජනතා උරුමයන් සුරුකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක්, ප්‍රදේශයේ ජනතාවගේ අත්සනින් යුතු සන්දේශයක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා වෙත අද(20) භාරදුන්නා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා , එම කොට්ටාශය එඩේරමුල්ල 2 ලෙස නම් කිරීම සම්බන්ධයෙන්  සාකච්ඡා කර අදාල කමිටු නිර්දේශය ලබා ගෙන ඒ පිළිබදව වන සංශෝධනය වහාම ඉදිරිපත් කිරීමට  බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

මෙම බල ප්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගත් තීරණයක්  නොවන බවත් දිස්ත්‍රික් ලේකම්වරයාගේද නිර්දේශ සහිතව  අශෝක පීරිස් ගේ ප්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුලත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories