Update : වරාය සේවකයන්ට ලැබුණු අවස්ථාව

Thursday, 21 December 2017 - 11:05

Update+%3A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හම්බන්තොට - මාගම්පුර වරාය සේවකයින්ට සතියක් තුළ ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුනන්ද කාරියවසම් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

තමන් වරායට බඳවා ගන්නා ලෙස සහ රුපියල් මිලියන 5 ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම සේවකයින් විරෝධතාවය ආරම්භ කරනු ලැබුවේ අද පෙරවරුවේදීයි.

පැය කිහිපයක් පැවති විරෝධතාවය හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ද අවහිර වුණා.

සාකච්ඡාවෙන් පසු විසඳුමක් ලැබීමත් සමඟ අද දිනයේ පැවති විරෝධතාවය ද අවසන් කළ බවයි මාගම් රුහුණුපුර වරාය සංගමයේ සභාපති රොමේෂ් චමිදු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Update : Thursday, December 21, 2017 14.20

හම්බන්තොට වරාය සේවකයින් පරිසකගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලේක් හවුස් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories