උඩවලවෙන් ඇවිත් කහතුඩුවෙන් ලියයි

Thursday, 21 December 2017 - 15:03

%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික හැදුනුම්පත ව්‍යාජ ලෙස සකසා වෙනත් අයෙක් වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පෞද්ගලික අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පිලියන්දල ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක ශාලාධිපතිගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම අපේක්ෂකයා තම ජාතික හැදුනුම්පතට වෙනත් ඡායාරූපයක් අලවා එය ව්‍යාජ ලෙස සකස් කොට විභාගයට ඉදිරිපත් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

විභාගයට පෙනී සිටි උඩවලව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා සහ පිළියන්දල, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි විභාග අපේක්ෂකයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

පසුගිය 12 වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය අද අවසන් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories