මිලිමීටර් 100ට වැඩි වැස්සක්

Thursday, 21 December 2017 - 15:08

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, කාලගුණික අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මෙම තද  වැසි සහ තද සුළං පිළිබඳ  විශේෂ කාලගුණ නිවේදනය අද (21) පෙරවරු 10ට ප්‍රසිද්ධ කර තිබෙනවා.

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එහි සඳහන්.

මේ නිසා, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත්, නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රීක්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21) මධ්‍යහන 12 ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන විශේෂයෙන් සවස 2 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව එහි සඳහන්.

දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටින්නේ.

මේ අතර, කොත්මලේ ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු 3 ම මේ වනවිට වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, රන්ටැඹේ ජලාශය ද වාන් මට්ටමට ආසන්නව පවතින බැවින් මිනිපේ, හසලක සහ අඹගහතැන්න ප්‍රදේශවල පහත්බිම් වල සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පස්කන්දක් කඩා වැටීම නිසා ඊයේ රාත්‍රීයේ තැපැල් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර එය පසුව යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

එමෙන්ම, බණ්ඩාරවෙල සහ හීල්ඔය අතර දුම්රිය මාර්ගයටද ගලක් පෙරලී තිබූ අතර එය ද මේ වනවිට ඉවත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories