ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්

Friday, 22 December 2017 - 15:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ගැන අභියාචනාධිකරණ පෙත්සම් විභාගය අවසන් වන තුරු මහරගම නගර සභාවේ ඡන්දය නොපවත්න ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, මහරගම නගර සභාවේ පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක නිශාන්ත විමලචන්ද්‍ර ඇතුලූ පස්දෙනෙකු  විසින්.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලූ කිහිපදෙනෙකු එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු අතර ඔවුන් ඊට අදාළව අභියාචනාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළා.

ඔවුන් මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්තේ අපේක්ෂිකාවන්ට කාන්තා යනුවෙන් ලකුණු කිරීම වෙනුවට පුරුෂ යනුවෙන් ලකුණු කිරීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශකර තිබුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories