රත්නපුර අනතුරේ බස් රථය පැදවූ කොන්දොස්තරට රියදුරු බලපත්‍රය නැහැ (ඡායාරූප)

Saturday, 23 December 2017 - 15:14

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රත්නපුර - පතුල්පාන ප්‍රදේශයේදී අද අලූයම ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක්වූ  පෞද්ගලික බස් රථය පැදවූ එහි කොන්දොස්තරවරයාට රියදුරු බලපත්‍රයක් නොමැති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

බස් රථයේ රියදුරුට හටගත් අධික විඩාව සහ නිදිමත හේතුවෙන් උඩවලව ප්‍රදේශයේදී එහි කොන්දොස්තරවරයාට බස් රථය පැදවීමට භාරදී ඇති බවයි මීට පෙර අනාවරණ වුණේ.

මෙම අනතුරින් කාන්තාවක සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 44 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටින බස් රථයේ ඉදිරිපස ගමන්කළ මගියෙකු සඳහන් කළේ ඒ වනවිට බස් රථය පැදවූයේ රියදුරු සහයක විසින් බවයි.

ඔහු අනතුර සිදුවන අවස්ථාවේ එක් අතකින් බස් රථයේ සවිකර තිබූ TV යන්ත්‍රයේ වෙනස් කිරීමක් සිදුකිරීමට උත්සාහ කළ බවයි මගියා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී ඉදිරිපසින් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් බේරීමට උත්සාහ ගත් බවත් ඒත් සමඟම බස් රථය ඇලට පෙරලී ගිය බවත් එම මගියා කියසිටියා.

පොලීසිය සඳහන් කළේ ඌරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් 41 දෙනෙකු රත්නපුර රෝහලට සහ 3 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් අතර කුඩා දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

අනතුරෙන් පසුව පලා ගිය එහි රියදුරු මේ වනවිට පොලීසිය වෙත භාරවී ඇති අතර ඔහු රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.




ඡායාරූප - පැල්මඩුල්ල ජී ඒ එස් ගමඇතිගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories