මැතිවරණ කොමිසම, පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවයි

Monday, 25 December 2017 - 20:26

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%2C+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ජාව අනිද්දා පැවැත්වෙන අතර, තේරීම් භාර නිලධාරීන්වරුන් සමඟ සාකච්ඡාව ලබන 28 වන දා පැවැත්වෙන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් සඳහන් කළේ.

පළාත් පාලන ආයතන 341ක් ට අදාලව පැවැත්වෙන ජන්ද විමසීමේදී රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ජනවාරි මස 25 සහ 26 යන දෙදින වෙන්කර ඇති බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ රාත්‍රියේ පොලොන්නරුව - දිඹුලාගල ප්‍රාදේශීය සභාව සඳහා දිඹුලාගල කොට්ඨාශයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එම කොට්ඨාශයට තරඟ වදින අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු පහර දී තිබෙනවා.

මනම්පිටිය දෙමළ විද්‍යාලය අසළ දී මෙම පහරදීම ඊයේ රාත්‍රියේ සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ආධාරකරුවා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොළොන්නරුව පොලීසිය සඳහන් කළේ.

කල්මුනේ - සයින්දමර්දු ප්‍රදේශයේ ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂයෙකුගේ නිවසකට ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා.

කල්මුණේ නගර සභාව සඳහා ඉදිරිපත් වීමට නාම යෝජනා ලබාදී ඇති ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවකදියි.

මේ අතර, පසුගිය 09 වනදා සිට මේ වන තෙක් මැතිරවණ නිති උල්ලංඝනය කිරිමේ සිද්ධින් 09ක් වාර්තා වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිිබෙනවා.

එමෙන්ම මැතිවරණ පැමිණීලි 17ක් මේ වන විට ලැබි ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories