නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි 19 වන දා සිට නිවෙස්වලට

Tuesday, 26 December 2017 - 7:14

%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+19+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මස 19 වන දා සිට නිවෙස්වලට බෙදා හැරීම සඳහා සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

මීට අමතරව ජනවාරි 28 වන දා විශේෂිත දිනයක් ලෙස නම් කොට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන බවයි එම කොමිසම සඳහන් කළේ.

පෙබරවාරි 3 වන දිනෙන් පසු ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් බෙදා හරිනු නොලබන අතර පසුව එය ඡන්ද හිමියන්ට පමණක් තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව මැතිවරණයට අදාළව තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය ලෙස පෙබරවාරි මස 2 වන දා නම් කර ඇති අතර ඊට පෙර හැඳුනුම්පත් ලබා ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවගෙන්  ඉල්ලීමක් කරනවා.

පළාත් පාලන ආයතන 341ක් ට අදාලව පැවැත්වෙන ජන්ද විමසීමේදී රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ජනවාරි මස 25 සහ 26 යන දෙදින වෙන්කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවට දෙකක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ජාව හෙට පැවැත්වෙන අතර, තේරීම් භාර නිලධාරීන්වරුන් සමඟ සාකච්ඡාව අනිද්දා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් 09ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories