කෝටි 13ක හෙරොයින් අල්ලයි

Wednesday, 27 December 2017 - 15:58

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+13%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරවන ප්‍රධාන පෙළේ පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙක්  ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ පිළිබද අමාත්‍ය සාගල රත්නායක පවසනවා

2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ කොට්ඨාශයට හැකි වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5.3) ක් වටිනා හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායෙහි බර කිලෝ 5 ග්‍රෑම් 385 කට අධික වන බව ද අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළා.

එමෙන්ම 2017 ජනවාරි සිට දෙසැම්බර් 22 දක්වා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් සම්බන්ධ වැටලීම් 285 ක දී සැකකරුවන් 303 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

අගෝස්තු මාසයේ පිහිටවූ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ දිසාව මගින් වැටලීම් 160 කදී සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද  අමාත්‍ය සාගල රත්නායක පෙන්වා දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories